පළාත් පාලන ඡන්ද විමසීම ජනාධිපතිවරණයෙන් පසුව - මැතිවරණ කොමසාරිස්

August 23, 2024 - 3:41 PM
2023 වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

මේ අවස්ථාවේදී ප්‍රමුඛතාවය තිබෙන්නේ ජනාධිපතිවරණයට බවත් එය පැවැත්වීමෙන් පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.

පළාත් පාලන ඡන්ද විමසීම හැකි ඉක්මණින් පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට කළ නියෝගය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියා.

(xanin.lk)