විපක්ෂ නායකට සහ මහ ලේකම්ට එරෙහිව මැතිවරණ කොමිසමට ලිපියක්
June 05, 2024 - 7:10 PM
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණය පනත උල්ලංඝනය කර ඇති බවට සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මැතිවරණ කොමිසමට ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ ඩයනා ගමගේට ශ්‍රී ලංකා පුරවැසිභාවය නොමැති බව දැන සිටියදීත් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස නම් කිරීම හේතුවෙන්.
ඕෂල හේරත් මීට පෙරද එම කරුණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ නඩුවක ප්‍රතිඵලයක් ලෙස ඩයනා ගමගේට මන්ත්‍රී ධූරය අහිමි වුණා.
ඩයනා ගමගේට ශ්‍රී ලංකා පුරවැසිභාවය නොමැති බවට තමන් 2020 වසරේදී ප්‍රේමදාස සහ මද්දුම බණ්ඩාර යන දෙදෙනාටම පැහැදිලි සාක්ෂි සහිතව දැනුම් දුන් බව ඕෂල හේරත් පවසනවා.
මේ සම්බන්ධයෙන් ලැබී ඇති ලිපිය ඉදිරි කොමිෂන් සභා රැස්වීමේදී සාකච්ඡා කරන බවයි වාර්තා වනවා.
(xanin.lk)