ලාල් කාන්ත අධිකරණ බලය ගැන නැවත කියයි

May 29, 2024 - 2:51 PM
අධිකරණ බලය ගමේ ජනතාව දක්වා ගමන් කළ යුතු බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත පවසනවා.

මාධ්‍යවේදියෙකු අසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ දැනට මහේස්ත්‍රාත් අධිකරණ තෙක් ගමන් කර ඇති අධිකරණ බලය තවත් පහළට ගමන් කළ යුතු බවයි.

ඔහු විසින් පසුගිය මැයි 1 වැනිදා මැයි දින රැලිය අමතමින් ගමට අධිකරණ බලය දිය යුතු යැයි කියූ ප්‍රකාශයේ කිසිදු වෙනසක් වී නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

(xanin.lk)