පොහොට්ටුවෙන් සජබයට ආ මන්ත්‍රීන්ට ලක්ෂ්මන්ගෙන් විරෝධය
May 20, 2024 - 3:37 PM
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සිට සමගි ජන බලවේගයට සම්බන්ධ වූ ඇතැම් මන්ත්‍රීවරු අතර සමගි ජන බලවේගයේ සමගියට බාධා කරන කිසිම හැදියාවක් නැති කඩාකප්පල්කාරීන්ද සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකුද සජබයට එක් වී සිටින බවත් ඔහු විසින් 'ජවය' නමැති සජබයේ අනුබද්ධ සංවිධානය මේ මස 18 වැනිදා සංවිධානය කර තිබූ රැස්වීමට ව්‍යාජ ශිර්ෂ සකසා දිස්ත්‍රික්කයේ ප්‍රබලයන්ටද එම රැස්වීමට සහභාගී වන ලෙසට ලිපි යවා ඇති බවයි.
කිරිඇල්ල මහතා වැඩිදුරටත් පවසන්නේ එවැනි ව්‍යාජ ලිපි සැකසීම දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් දිය හැකි වරදක් බවත් පොහොට්ටුවෙන් සමගි ජන බලවේගයට සම්බන්ධ වූ මන්ත්‍රීවරුන්ට මැතිවරණයේදී නාමයෝජනා දීමට පොරොන්දු වී නොමැති බවත්ය.
(xanin.lk)