කම්කරු දින සැමරුමෙන් පසු නියෝජිතයින් රැසක් රනිල් ළඟට

April 27, 2024 - 6:27 PM
ජාත්‍යන්තර කම්කරු දින සැමරුමෙන් පසු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමට නියමිත බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා.

අද (27) පෙරවරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

'' රනිල්ට ඉඩ දෙමු ''  යතුරුපැදි රැළිය අද පෙරවරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානය ඉදිරිපිටින් ආරම්භ වුණා.

ඒ, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනගේ උපදේශකත්වයෙන්.

(xanin.lk)