අධිකරණ ඇමති චීනය සමඟ අත්සන් කළ ගිවිසුම

May 30, 2024 - 5:55 PM
චීන රජයේ ආධාර මත උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර ඒ වෙනුවෙන් වූ පරිපූර්ණ ඇස්තමේන්තු මූල්‍ය ගිවිසුමට අත්සන් තැබීම අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී  සිදු කෙරුණා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ උපදේශක Tang Yandi යන මහත්වරුන් අදාළ ගිවිසුමට අත්සන් තැබුවා.

චීන රජයේ ආධාර මත එම ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් 2023 අප්‍රේල් මස 23 වන දින යුවාන් මිලියන 240 ක මුදලක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කළද ව්‍යාපෘතිය සදහා නිශ්චිතවම වැය කිරීමට නියමිතව ඇති මුදල යුවාන් මිලියන 229 ක් බැවින් එම මුදල වෙනුවෙන් වු ගිවිසුම අත්සන් කිරීම එහිදී සිදු කෙරුණා.

(xanin.lk)