මාධ්‍යවේදීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාවක් ඉල්ලයි

July 25, 2024 - 5:54 PM
නිල හැඳුනුම්පත් ඇති සියලුම මාධ්‍යවේදීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රටේ මාධ්‍ය ආයතනවල සිටින පුද්ගලයන්ට කිසිදිනක ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබෙන බවයි.

ඒ අනුව මේ පිළිබඳ මැතිවරණ කොමිසමේ අවධානය යොමු කරන ලෙස ඔහු ඉල්ලා සිටියා.

(xanin.lk)