ජවිපෙ පාස්කු ප්‍රහාරයේ මොළකරුවන් ඇල්ලීම ප්‍රසන්නට ගැටලුවක් වෙයි

April 22, 2024 - 11:31 AM
කතෝලිකයින් මරා දැමීමට මරාගෙන මැරුණු ජවිපෙ සාමාජිකයෙකුගේ පුතුන් ඉන්න පක්ෂයකින් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ඇල්ලීම ගැටලුවක් බව නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඊයේ (21) කැලණියේදී පැවති ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී පවුල් වෙත සහල් බෙදා දීමේ වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

කාගේ කීමට පාස්කු ප්‍රහාරය සිදු කළේ දැයි ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙක් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ජාතික සංවිධායකවරයෙක් වන ඊබ්‍රාහිම්ගෙන් ප්‍රශ්න කරන ලෙස ඔහු වැඩිදුරටත් කියා සිටියා.  

(xanin.lk)