මුලින් මහ ඡන්දේ ආවොත් ජවිපෙට ආසන 25යි - මරික්කාර්

May 29, 2024 - 5:31 PM
ජනාධිපතිවරණය පෙර මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජනතා විමුක්ති පෙරමුණට ලබා ගත හැකි වන්නේ මන්ත්‍රී ආසන 25ක් පමණක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම. මරික්කාර් පවසනවා.

එමෙන්ම සමගි ජන බලවේගය ආසන 113කට වඩා ලබා ගන්නා බවත් පොදුජන පෙරමුණ ආසන 50ක් පමණ ලබා ගනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පසුගිය 27 වැනිදා පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගන්න පක්ෂයේ නායකයා ජනාධිපති ධූරයට තරග කරන විට ඔහු අනිවාර්යයෙන් ජනාධිපතිවරණය ජය ගන්නා බැවින් ජනාධිපතිවරයා පළමුව මහ මැතිවරණය නොපවත්වන බවයි.

(xanin.lk)