විජයදාසට එරෙහි වාරණයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කෙරෙයි

May 16, 2024 - 10:23 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතාත්, වැඩබලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතාත් පත් කිරීමට ගත් තීරණය මත එම පක්ෂය, එහි සංවිධාන හා නිලධාරීන් ක්‍රියා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද (16) ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත් පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි අදාළ වාරණ නියෝගය සඳහා කරුණු තහවුරු කිරීමට අවස්ථාව තිබෙන බවත් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්දදිසානායක විසින් එම පැමිණිල්ල ඉදිරපත් කර තිබුණා.

(xanin.lk)