මැතිවරණ නිරීක්ෂකයන් සඳහා නව නිර්ණායක සමුදායක් හඳුන්වා දෙයි

August 08, 2024 - 9:34 AM
අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක්ට එරෙහිව රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අවසාන නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම ලේකම්වරු දෙදෙනාව මැතිවරණ කොමිසමට කැඳවා ඒ සම්බන්ධයෙන් අදාළ දැනුවත් කිරීම් සිදු කළ බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළා.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක කියා සිටියේ ඒ හේතුවෙන් මැතිවරණ නිරීක්ෂකයන් සඳහා නව නිර්ණායක සමුදායක් හඳුන්වා දුන් බවයි. 

(xanin.lk)