සජබ රජයක් යටතේ මුළු රටටම කර්මාන්ත පුරවර

April 24, 2024 - 1:27 PM
සමගි ජන බලවේග රජයක් යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකටම කර්මාන්ත පුරවරයක් ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ සක්වල 164 වැනි අදියර යටතේ තංගල්ල විතාරන්දෙණිය ප්‍රදේශයේ පාසලකට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනකට එක් වෙමින්.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පළමුව පළාත් මට්ටමින් සහ පසුව දිස්ත්‍රික්ක 25ට ඉන්දියාවේ IIT (Indian Institute of technology), IIM (Indian Institute of Management) වැනි ආයතන 25ක් ආරම්භ කරන බවයි.

(xanin.lk)