බැඳුම්කර හිමියන්ගේ කොන්දේසිවලට රජය එකඟ නොවන හේතුව

April 18, 2024 - 10:21 AM
ප්‍රතිව්‍යුහගතකරණයට ලක් වූ බැඳුම්කරවල පොලී අනුපාතය යහපත් කොන්දේසි සහිතව යම් ප්‍රමාණයක් කපා හැරීමට බැඳුම්කර හිමියන් එකඟ වී ඇති නමුත් රජය ඊට එකඟ නොවන්නේ මන්දැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විමසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ සක්වළ 158 වැනි අදියර යටතේ අම්බලන්තොට ප්‍රදේශයේ පාසලකට සුහුරු පන්ති කාමරයක් ලබා දීම සඳහා ඊයේ (17) පැවති වැඩසටහනකට එක් වෙමින්.

එම කොන්දේසිවලට රජය එකඟ නොවන්න්නේ සොරකම පුරුද්දක් බවට පත් කර ගෙන ඇති නිසා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

(xanin.lk)