පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන්න - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
August 22, 2024 - 1:04 PM
2023 වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම හේතුවෙන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් මැතිවරණ කොමසාරිස් ඇතුළු මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) තීන්දු කළා.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කරමින් සඳහන් කළේ හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම සිදු කිරීමට කටයුතු කරන ලෙසයි.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් ගොනු කර තිබූ පෙත්සම් 4ක අවසන් තීන්දුව ලබා දෙමින්.
එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූවා.
(xanin.lk)