විපක්ෂ නායකගෙන් සහ අගමැතිගෙන් නරේන්ද්‍ර මෝදිට සුබ පැතුම්

June 05, 2024 - 12:02 PM
3වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ නරේන්ද්‍ර මෝදිට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (05) පාර්ලිමේන්තුවේදී සුබ පැතුම් පළ කළා.

එහිදී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ මෝදි ලෝකය පුරා දැවැන්ත පණිවිඩයක් ගෙන ගිය සුවිශේෂ නායකයකු බවයි.

ඉන්දියාව සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බව දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියා.

(xanin.lk)