අනධ්‍යන සේවක වර්ජනයෙන් උපාධි ප්‍රමාද වෙයි

May 17, 2024 - 3:32 PM
විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයන් රැසකගේ විභාග සියල්ල කල් දැමීමට සිදුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා පවසන්නේ පවතින හේතුවෙන් උපාධි අපේක්ෂකයින් 150,000කට අධික පිරිසකගේ උපාධිය සැලසුම් කළ කාලයට අවසන් කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවයි.  

අනධ්‍යන සේවක ගැටලු විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිය යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් ස්ථිර විසඳුම් ලැබෙන තෙක් වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු ධම්මික එස්. ප්‍රියන්ත අවධාරණය කළේ.

ඒ අනුව අද (17) එම වර්ජනයේ 16 වැනි දිනයයි.

(xanin.lk)