ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක සහනාධාර ලබාදීම පිළිගත නොහැකියි - පැෆ්රල්

August 23, 2024 - 3:24 PM
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක රජය විසින් ජනතාවට සහනාධාර ලබා දීම පිළිගත නොහැකි බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

එමෙන්ම ජනතාවගේ ආර්ථික ගැටළු විසඳීම සඳහා සහනාධාර ලබා දීමට අවශ්‍ය නම් එය ජනාධිපතිවරණයෙන් පසු සිදු කිරීමට හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

(xanin.lk)