නිදහස ජනතා සභාව සමගි ජන සන්ධානයට එක් වෙයි

April 04, 2024 - 1:19 PM
මහාචාර්ය ජී. එල්. පීරිස් ප්‍රමුඛ නිදහස ජනතා සභාව හෙට (05) සමගි ජන සන්ධානය සමඟ නිල වශයෙන් එක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.  

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ පිළිබඳව අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් සඳහන් කළේ ඉදිරියේදීත් මැතිවරණය තෙක් නොයෙකුත් කණ්ඩායම් හා සංවිධාන සමඟ සංවිධානගත වීමට නියමිත බවයි.

(xanin.lk)