නිදහස් පක්ෂය රනිල්ට සහය දැක්වීමට සැරසෙයි

June 06, 2024 - 5:24 PM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය දැක්වීම පිළිබඳව පක්ෂය තුළ කිසිදු විරෝධයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ගම් මට්ටමේ සිට පක්ෂය නැවත ශක්තිමත් කර ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වෙමින් සිටින බව ඔහු කියා සිටියා.

මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.  

(xanin.lk)