ශ්‍රීලනිප අර්බුද ගැන මැතිවරණ කොමිසමේ තීරණය 26 වැනිදා

April 23, 2024 - 8:35 AM
මැතිවරණ කොමිෂන් සභාව ලබන 26 වැනිදා පෙරවරුවේ රැස්වීමට නියමිත බව වාර්තා වනවා.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවිධ පාර්ශව විසින් කොමිසමට සිදු කර ඇති ලිඛිත පැමිණිලි සලකා බලා එම පක්ෂයේ නිලධාරී මණ්ඩලය පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ එම පක්ෂයේ මෛත්‍රී පාර්ශවය සහ නිමල් සිරිපාල පාර්ශවය විසින් වෙන වෙනම නිලධාරී මණ්ඩලයේ නාම ලේඛන කොමිසමට භාර දී ඇති බවයි.

(xanin.lk)