ජනාධිපතිවරණයට මැතිවරණ වියදම් නියාමන පනත අනිවාර්යයි - මැතිවරණ කොමිසම

July 19, 2024 - 12:44 PM
එළඹෙන ජනාධිපතිවරණයට මැතිවරණ වියදම් නියාමන පනත අනිවාර්යෙන්ම යොදා ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ මෙම පනත ජනමත විචාරණයකට හැර පවත්වන සෑම මැතිවරණයකට යොදා ගන්නා බවයි.

එමෙන්ම මෙම පනත ක්‍රියාත්මක වන අකාරය සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු අංශ දැනුවත් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(xanin.lk)