ඩොනල්ඩ් ලූ NPP නියෝජිතයින් හමුවෙයි

May 14, 2024 - 9:07 AM
ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ජාතික ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක් හමු වී තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘති කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවයි ශ්‍රී ලංකාවේ ඇමරිකනු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය X පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ.

ඊට ජාතික ජන බලවේහය නියෝජනය කරමින් විජිත හේරත්, වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක් එක් වී තිබෙනවා.

ඩොනල්ඩ් ලූ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද හමු වුණා.

(xanin.lk)