දිලිත් - විමල් - ගම්මන්පිල නව සන්ධානය එළිදකියි

May 27, 2024 - 11:32 AM
දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවා තිබෙනවා.

ඒ අනුව මව්බිම ජනතා පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය මේ සඳහා ගිවිසුම්ගතවී ඇති බවයි වාර්තා වන්නේ.

'එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' යන්න තේමා කර ගනිමින් අදාළ දේශපාලන ව්‍යාපාරය පිහිටුවීමේ ලිඛිත ගිවිසුමට අද කොළඹදී අත්සන් තබා තිබෙනවා.

(xanin.lk)