ඩයනා බාර වෙයි
May 21, 2024 - 11:38 AM
හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට බාර වීම සඳහා මීට සුළු මොහොතකට පෙර පැමිණ තිබෙනවා.
ඇය සිය නීතිඥයින් මගින් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට බාර වීමට පැමිණි බවයි වාර්තා වන්නේ.
ඇයගේ නීතිඥවරුන් පවසන්නේ තම සේවා දායකයා කිසිවිටෙකත් වහන් වී නැති බවත් රහස් පොලීසිය විසින් ඇය සොයන බවට මාධ්‍ය මඟින් දුටු නිසා අධිකරණයට පැමිණි බවත්ය.
ආගමන විගමන පාලකවරයාට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කළ නඩුවට අදාළ පැමිණිල්ල ඊයේ (20) කැඳවනු ලැබුවා.
එහිදී පොලීසිය ඉදිරිපත් කළ වාර්තා සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඩයනා ගමගේ මහත්මිය නඩුවේ සැකකාරිය ලෙස නම් කිරීමට නියෝග කළා.
(xanin.lk)