ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපසු ගනී
May 20, 2024 - 9:24 AM
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබූ ශ්‍රී ලංකික විදේශ ගමන් බලපත්‍රය එම දෙපාර්තමේන්තුවට මීට දින කිහිපයකට පෙර භාර දුන් බව ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසනවා.
ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 8 වැනිදා තීරණය කිරීමත් සමඟ ඇයට ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය තවදුරටත් භාවිත කළ නොහැකි බැවින් එය සිය දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස ලිඛිතව දැනුම් දුන් බව සිටියා.
ඩයනා ගමගේ මහත්මියට මේ වන විට විදේශ ගමන් තහනමක් ද පනවා ඇති බැවින් ඇයට ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය ප්‍රයෝජනයට ගැනීමේ හැකියාවක් නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
(xanin.lk)