ඩයනාගේ නඩත්තු වියදම් නැවත අය කර ගත යුතුයි

May 10, 2024 - 1:14 PM
රාජ්‍ය අමාත්‍යවරියක ලෙස ඩයනා ගමගේ මහත්මිය නඩත්තු කිරීමට වැය වූ මුදල රජය නැවත අය කර ගත යුතු බව සමාජ ක්‍රියාකාරී ඔෂල හේරත් පවසනවා.

අද (10) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මසකට මිලියන 2 - 3ත් අතර වියදමක් ඩයනා ගමගේ මහත්මිය නඩත්තු කිරීමට වැය වී ඇති බවත් එම මුදල් වංචනිකව ජනතාවගෙන් ලබා ගත් මුදල් බවයි.       

(xanin.lk)