ඩයනාට තීරණයක් ගන්න කල් දෙයි

May 29, 2024 - 10:22 AM
සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට එරෙහිව හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඇයට ජුලි 07 වැනිදා තෙක් ශ්‍රේෂ්ඨාධිකරණ කල් ලබා දී තිබෙනවා.

එම පෙත්සම පවත්වාගෙන යන්නේද නැතහොත් ඉල්ලා අස්කර ගන්නේද යන්න තීරණය කිරීමට තම සේවාදායකයාට කල්  දෙන්නැයි ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් ‍‍‍ශ්‍රේෂ්ඨාධිකරණ ඊයේ (28) එම නියෝගය ලබා දුන්නා.

සමගි ජන බලවේගයේ පක්ෂයේ සාමාජිකත්වයෙන් තමන් නෙරපීම වළක්වන නියෝගය නිකුත් කරන්නැයි ඉල්ලා ඩයනා ගමගේ මහත්මිය ගොනු කළ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

(xanin.lk)