ඩයනා අහෝසි වුණත් ඩයනාගේ තීරණ අහෝසි නෑ

May 25, 2024 - 5:18 PM
ඩයනා ගමගේ හිටපු රාජ්‍ය ඇමතිනියගේ මන්ත්‍රී ධූරය අහෝසි කෙරුණද ඇය මන්ත්‍රීවරියක ලෙස ගත් තීරණ කිසිවක් අහෝසි නොවන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න පවසනවා.

ඔහු පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 69 වැනි වගන්තිය අනුව ඇය මන්ත්‍රීවරියක ලෙස ගත් තීරණ මෙන්ම පාර්ලිමේන්තුවේදී පනත් සම්මත කිරීමේදී ලබා දුන් ඡන්දද අහෝසි නොවන බවයි.

එමෙන්ම ඇය මන්ත්‍රී ධූරය දැරූ කාලසීමාවේදී රජයෙන් ලබා ගත් වැටුප් සහ අනෙකුත් වරප්‍රසාද අහෝසි වන්නේ හෝ නැවත ලබා දීමට සිදු වන්නේ අධිකරණයෙන් නියෝගයක් නිකුත් කෙරුණොත් පමණක් බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.   

(xanin.lk)