මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට මරණ තර්ජන

May 16, 2024 - 2:04 PM
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහට මරණ තර්ජන එල්ල වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා සිදු කළ පැමිණිල්ලකට අනුව කොටුව පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

ඊයේ (15) පස්වරුවේ දුරකථනය ඔස්සේ රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලය වෙත අදාළ දුරකථන ඇමතුම ලැබී ඇති අතර ඉදිරි මැතිවරණ කටයුතු සඳහා ඉදිරිපත් වීමට ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයාට ඉඩ නොතබන බවත් සිය තර්ජනය නොසලකා කටයුතු කරන්නේ නම් ඝාතනය කරන බවත් දුරකථනය ඔස්සේ තර්ජනය කළ පුද්ගලයා ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

(xanin.lk)