ජනාධිපතිවරණයට කොමියුනිස්ට් පක්ෂයේ සූදානම

April 14, 2024 - 11:22 AM
පාර්ලිමේන්තුවෙන් පිටත සම්ප්‍රදායික දේශපාලනයේ නොසිටින එහෙත් ජනාධිපතිවරණයට තරග කිරීමට නම් යෝජනා වී ඇති පුද්ගලයින් සමඟ සාකච්ඡා සිදු කරමින් යන බව කොමියුනිස්ට් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසනවා.

ජනාධිපති ධූරයට තරග කරන ප්‍රධාන දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ගැටළු සහගත බැවින් පාර්ලිමේන්තුවෙන් පිටත ආණ්ඩු විරෝධී දැවැන්ත බලවේගයක් ගොඩනගීම සහ ජනාධිපතිවරණයට සාර්ථකව මුහුණ දීම මෙහි අරමුණ බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.

එලෙස නම් යෝජනා වී ඇති පුද්ගලයින්ව පොදු අරමුණක් යටතට ගෙන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඉදිරි අවුරුදු සමයෙන් පසුව දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ඇරඹීමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

(xanin.lk)