ජනාධිපතිවරණය සම්බන්ධ පෙත්සම පිලිබඳ අධිකරණ අමාත්‍යවරයාගේ අදහස්

July 12, 2024 - 12:25 PM
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය නිසි ලෙස සම්මත වී නොමැති බැවින් ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අදහස් පළ කළා.

ඔහු පවසන්නේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් මග පෙන්වීම මත පදනම්ව බවයි.

ඒ අනුව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් බවට නඩු තීන්දු කිහිපයක් ලබාදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

නීතීඥ අරුණ ලක්සිරි විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

(xanin.lk)