චීන දූත පිරිස ජනාධිපති උපදේශකවරු හමුවෙයි

April 25, 2024 - 9:16 AM
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු අංශයේ නියෝජ්‍ය අමාත්‍ය Sun Haiyan මහත්මිය ඇතුළු චීන දූත පිරිස, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හමු වී තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේදී පැවති එම හමුව සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාද සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මෙරට වත්මන් තත්වය පිළිබඳව, ආර්ථික අර්බුදය ජය ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවය සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ රජය ගෙන යන වැඩ පිළිවෙල Sun Haiyan මහත්මිය පැසසුමට ලක් කළ බව ජනාධිපති කාර්යාලය පවසනවා.

(xanin.lk)