චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිස අනුර හමුවෙයි
April 23, 2024 - 4:35 PM
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය Sun Haiyan ඇතුළු දූත පිරිස අද (23) දිවයිනට පැමිණි අතර ඔවුන් අද පෙරවරුවේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවුණා.
එම හමුවේදී වත්මන් දේශපාලන තත්වය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා ජාතික ජන බලවේගයේ සූදානම, ඒ සඳහා අනුගමනය කිරීමට බලාපොරොත්තු වන උපායමාර්ග වැනි කරුණු පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම ජාතික ජන බලවේගය දේශපාලන ක්ෂේත්රය තුළ වේගයෙන් වර්ධනය වෙමින් ජනතාවගේ ආකර්ෂණය අත් කර ගැනීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳව චීන දූත පිරිසේ අවධානය යොමු වීම විශේෂත්වයක්.
එහිදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික විධායක සභිකයින් වන විජිත හේරත්, ආචාර්ය හරිණි අමරසූරිය, මහාචාර්ය අනිල් ජයන්ත, සුනිල් හඳුන්නෙත්ති යන අය එක්ව සිටියා.
(xanin.lk)