සජබය ජනපති සමඟ එක් නොවන බව චන්දිම සහතික වෙයි

May 07, 2024 - 12:56 PM
සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය නිර්මාණය කළේ නැවත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක් වීමට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහ හෝ රාජපක්ෂවරු සමඟ එක් වන ආණ්ඩුවකට කිසිදු කැමැත්තක් නැති බව සජබය තේරුම් ගෙන සිටින බවයි.

ඒ නිසා ජනපති සමඟ හෝ රාජපක්ෂවරු සමඟ සජිත් ප්‍රේමදාස එක් නොවන බවට සහතිකය ඔවුන් ජනතාවට ලබා දෙන බවයි ඔහු අවධාරණය කළේ.

(xanin.lk)