සිරිපාල පාර්ශවයේ තනතුරු ඉවත් කිරීමට එරෙහි වාරණය තවදුරටත්

May 30, 2024 - 11:16 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කිරීම වළක්වමින් නිකුත් කළ වාරණය ජූනි 12 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් ඊයේ (29) එම නියෝගය ලබා දුන්නා.

අදාළ වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය විසින් පසුගිය අප්‍රේල් 1 වැනිදා ලබා දුන්නේ මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක විසින් ගොනු කර තිබූ නඩු 3ක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මෛත්‍රීපාල සිරිසේන, දුෂ්මන්ත මිත්‍රපාල, නිමල් සිරිපාල ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක විසින් එම නඩු ගොනු කර තිබෙනවා.

(xanin.lk)