මෛත්‍රීට එරෙහි වාරණය යළි දීර්ඝ කරයි

May 29, 2024 - 11:08 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ජූනි මස 12 වැනිදා දක්වා යළි දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කළා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනු කර කළ මෙම පැමිණිල්ල අද (29) කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදියි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවත් ඒ අනුව ඔහු එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපතිනිය එම පැමිණිල්ල යොමු කර තිබෙනවා.

(xanin.lk)