නව සභාපතිට බාධා නොකරන ලෙසට වාරණයක්

May 13, 2024 - 4:55 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (12) දින පත් කර ගැනීමට සහ විධායක සභාව විසින් ගත් තීරණවලට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්‍රමසූරිය මහත්මිය අද (13) දින නියෝග කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම තීරණ මත පක්ෂයේ සභාපති විජයදාස රාජපක්ෂ, වැඩ බලන ලේකම් කීර්ති උඩවත්ත සහ දේශපාලන මණ්ඩලයට අදාළ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවස්ථාව ලබා දෙන ලෙසද මෙම නඩු කටයුත්ත හැර වෙනත් කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස සියලුම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වෙත මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.

ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් මෙම වාරණ නියෝගය ඉල්ලා මෙම නඩුව ගොනු කර ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගය මැයි මස 27 වැනි දින පැවැත්වීමට නියමිතයි.

(xanin.lk)