ඩයනාගෙන් CIDය පැය 5ක් ප්‍රශ්න කරයි
May 17, 2024 - 4:11 PM
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගෙන් පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.
ඇයගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව එම ප්‍රශ්න කිරීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකික පුරවැසිභාවයක් නොමැති වීම හේතුවෙන් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය 8 වැනිදා රීට් ආඥාවක් නිකුත් කළා.
ඒ, සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි.
කෙසේ වෙතත් ඔෂල හේරත් මහතා පවසන්නේ අද වන තුරු නීති අංශවලින් මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කර නොමැති බවත් එලෙස නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ඉදිරියේදී ඔවුන් නැවතත් අධිකරණයට ගොස් නීතිය ක්‍රියාත්මක කරන බවයි.
(xanin.lk)