බුද්ධ දේශනාව - AI ගැන පර්යේෂණවලට රුපියල් බිලියනයක්

May 13, 2024 - 12:14 PM
බුද්ධ දේශනාව සහ කෘත්‍රිම බුද්ධිය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනයක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ 100 වැනි සංවත්සරය සැමරීමේ උත්සවයට එක් වෙමින්.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඒ පිළිබඳ පර්යේෂණ කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කළද කෘත්‍රිම බුද්ධිය පාලනයට අවශ්‍ය නීති මෙතෙක් ඉදිරිපත් කර නැති බැවින් එම කටයුතු ලබන වසරට කල් තැබීමට සිදු වූ බවයි.

(xanin.lk)