අධිකරණයට බාර වූ ඩයනාට ඇප

May 21, 2024 - 1:12 PM
අධිකරණයට බාර වූ හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළා.

ඊයේ (20) සැකකාරියක ලෙස නම් කළ ඩයනා ගමගේ ආගමන සහ විගමන පනතේ පුද්ගල ලියාපදිංචි පනත යටතේ වරදක් සිදු කර ඇති බවත් ඇය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් රහස් පොලීසිය අධිකණයට දැන්වූ අතර ඒ අනුව ඇය අද (21) සිය නීතිඥයින් මගින් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට බාර වුණා.

මෙම මෝසම කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ පෙනී නොසිටි බැවින් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය නිකුත් කරමින් සැකකාරියට ඇප නියම කළා.

ඒ අනුව ඇයට රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් ද රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් ද නියම කළ මහේස්ත්‍රාත්වරයා නඩුවේ අගතියට පත් පාර්ශවයේ කාර්යන්ට හා නීතිඥ ප්‍රජාවට අගතියයක් වන ප්‍රකාශ නොකරන ලෙස සැකකාරියට තරයේ අවවාද කර ඇති බවයි වාර්තා වන්නේ.

(xanin.lk)