නීතිපතිගේ සේවා දිගුව සාධාරණ මැතිවරණයකට බාධාවක් - ජී.එල්

June 10, 2024 - 4:38 PM
නීතිපතිවරයාට සේවා දිගුවක් ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් පවසනවා.

නීතියේ සාධාරණත්වය ඉටු කිරීමට නීතිපතිවරයාට සුවිශේෂී වගකීම් සමුදායක් හිමිවන බවත් 1948 පසු නීතිපතිවරයෙකුගේ සේවා දිගුවක් දුන් පළමු අවස්ථාව මෙය වන බව ඔහු කියා සිටියා.

මැතිවරණ කාලසීමාවක් තුළ නීතිපතිවරයාගේ ධූරය දීර්ඝ කිරීම සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් බවද මන්ත්‍රීවරයා අවධාරණය කළා.

අද (10) කොළඹ පැවති මාද්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

(xanin.lk)