වසර 5ක් තුළ කෘතිම බුද්ධිය රටටම

May 31, 2024 - 5:43 PM
වසර 5ක් තුළ කෘත්‍රීම බුද්ධිය මෙරට සෑම ක්ෂේත්‍රයකටම ප්‍රවර්ධනය කිරීම තම අරමුණ බවත් එම වැඩපිළිවෙළ ඉදිරි වසරේදී ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කෘත්‍රීම බුද්ධිය (AI) මෙරටට හඳුන්වාදීම පිළිබඳව විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදියි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘතිම බුද්ධිය වැනි නවීණ තාක්ෂණය ප්‍රවර්ධනය කළ යුතු බවත් එහිදී විශ්වවිද්‍යාල පද්ධතියට පුළුල් වගකීමක් පැවරෙන බවත්ය.

(xanin.lk)