තවත් ආර්ථික පනත් දෙකක් සංශෝධනයට අනුමැතිය

May 28, 2024 - 12:44 PM
2018 අංක 2 දරණ ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත සහ  2018 අංක 3 දරණ ආරක්ෂණ පියවර පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සකස් කිරීමේදී මෙම පනත් දෙක සඳහා අනුෂාංගික සංශෝධන හඳුන්වාදීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇති බව රජය පවසනවා.

ඒ සඳහා වන පනත් කෙටුම්පත්, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති අතර එම පනත් කෙටුම්පත් සඳහා නීතිපති අවසරයද ලබාදී තිබෙනවා.

ඒ අනුව අදාළ සංශෝධිත පනත් කෙටුම්පත් දෙක රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ.

(xanin.lk)