දේශපාලන බලය පොදු ජනයාට හුවමාරු කරන්න අනුර සැරසෙයි

July 01, 2024 - 7:24 PM
ප්‍රභූ පවුල්මත ඇති දේශපාලන බලය පොදු ජනයාට හුවමාරු වන යුගයක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු කියා සිටියේ සාමන්‍ය පවුලක දරුවන්ට දේශපාලන අනාගතයක් නිර්මාණය කරන්නේ නම් ඒ සඳහා ඇති එකම වේදිකාව ජාතික ජන බලවේගය බවයි.

කැකිරාවේදී පැවැත්වුණු ජාතික ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් තරුණ රැළිය අමතමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.

(xanin.lk)