සජිත් විවාදයට දුන් දිනවලින් එකකට අනුර එකඟ වෙයි
May 20, 2024 - 5:38 PM
සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතර විවාදය සඳහා දින ලබා දෙමින් සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගයට යොමු කළ ලිපියේ සඳහන් දිනවලින් ජූනි 6 වැනි දින අනුර කුමාර දිසානායක විසින් භාර ගත් බව ජාතික ජන බලවේගය නිවේදනය කරනවා.
ජාතික ජන බලවේගය වෙනුවෙන් එම පක්ෂයේ විධායක සභික නලින්ද ජයතිස්ස මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව දන්වා සිටියා.
ඔහු වැඩිදුරටත් දන්වා සිටින්නේ විවාදය සඳහා ස්ථානය, වේලාව සහ විවාදයේ විෂය පථය සමගි ජන බලවේගයේ විවාදයේ කටයුතු සූදානම් කිරීමට පත් කර ඇති නලින් බණ්ඩාර සමඟ ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කරන බවයි.
(xanin.lk)