සජිත් සමඟ විවාදයට අනුර සූදානම්

April 03, 2024 - 12:24 PM
සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ප්‍රසිද්ධ විවාදයකට ජාතික ජන බලවේගයේ (NPP) නායක අනුර කුමාර දිසානායක සූදානම් බව NPP ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර සහ හර්ෂ ද සිල්වා විසින් සිදු කළ අභියෝගය පිළිගන්නා බවයි එහිදී ඔහු සඳහන් කළේ.

ඉදිරි ආණ්ඩුවකදී තම පක්ෂවල ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව එම විවාදය සිදු කළ හැකි බවයි ඔහු පවසන්නේ.

(xanin.lk)