තවත් නව සන්ධානයක් එළිදකියි

May 29, 2024 - 9:42 AM
හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් 'ඒක රූපී සමූහය' නමින් නව සන්ධානයක් ඊයේ (28) කොළඹදී එළිදැක්වූවා.

මෛත්‍රී ගුණරත්න මහතා එහිදී අදහස් දක්වමින් කියා සිටියේ මේ රට මාස 6කින් ගොඩගත හැකි නමුත් ඒ සඳහා හොඳ මිනිසුන් දේශපාලනයට එක් විය යුතු බවයි.

මෙම නව සන්ධානයේ අරමුණ වන්නේ සියලුම සිවිල් සංවිධාන, වෘත්තිකයින් එකම වේදිකාවකට ගෙන ඒම වන අතර එම අවස්ථාවට සිවිල් ක්‍රියාකාරීන්, වෘත්තිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

(xanin.lk)