ඇමරිකානු තානාපතිනිය මැතිවරණ කොමිසමට

May 29, 2024 - 9:23 AM
මෙරට ඇමරිකානු තානාපතිනිය ජූලි චන්ග් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා හමු වී තිබෙනවා.

එහිදී තානාපතිනිය ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ඇති ගැටලු මැතිවරණ කොමිසමෙන් විමසා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා ඇත්තේ ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතලවලට අනුව ඉදිරි මැතිවරණ පවත්වන බවයි.

එමෙන්ම පසුගිය දින කිහිපයේදී යුරෝපා කොමිසමේ තානාපතිවරුන්, එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක්ද මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හමු වී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

(xanin.lk)