නව විදුලි පනතට එරෙහිව ජාතික ජන බලවේගයෙන් චෝදනා

June 06, 2024 - 3:05 PM
රටේ විදුලි බලය තනි ඒකාධිකාරී සමාගමකට පවරාදීම නව විදුලි පනතේ අරමුණ බව ජාතික ජන බලවේගයේ විජිත හේරත් පවසනවා.

ඒ අනුව එම නව පනත ගෙන ඒමේ මූලික අරමුණ ඉන්දියාවේ අදානිට ලංකාවේ විදුලිය දීම බව ඔහු කියා සිටියා.

නව විදුලි පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.

(xanin.lk)