සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කොළඹට

August 02, 2024 - 11:15 AM
මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අද (02) කොළඹට කැඳවා තිබෙනවා.

ඒ, ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන්.

ඒ අනුව පොලිස්පතිවරයෙක් නොමැතිව ඉදිරි ජනාධිපතිවරණයේදී රාජකාරී කළ යුතු ආකාරය සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

(xanin.lk)